කොරියන් භාෂාවේ අංක සහ ගණනය කිරීමේ ඒකක

මෙම සංඛ්‍යා ක්‍රම දෙකම දැනට භාවිතා වන අතර, එක් වත් අවස්ථාව අනුව භාවිතා කරන සංඛ්‍යා ක්‍රමය වෙනස් වේ. එබැවින්, අංක සහ ගණනය කිරීමේ මිනුම් ඒකකය අනුව භාවිත
කොරියන් සංඛ්‍යා

කොරියන් භාෂාවේ අංක සහ ගණනය කිරීම් වලදී ඒකක ප්‍රකාශ කිරීම සඳහා සංඛ්‍යා ක්‍රම දෙකක් භාවිතා කරයි.

  • චීන සංඛ්‍යා සහ ඒකක
  • කොරියන් සංඛ්‍යා සහ ඒකක

මෙම සංඛ්‍යා ක්‍රම දෙකම දැනට භාවිතා වන අතර, එක් වත් අවස්ථාව අනුව භාවිතා කරන සංඛ්‍යා ක්‍රමය වෙනස් වේ. එබැවින්, අංක සහ ගණනය කිරීමේ මිනුම් ඒකකය අනුව භාවිතා කරන සංඛ්‍යා ක්‍රමය කුමක්ද යන්න පිළිබඳව හොද අවබෝදයක් තිබීම වැදගත්ය.

චීන සංඛ්‍යා සහ ඒකක ක්‍රමය

චීන සංඛ්‍යා සහ ඒකක ක්‍රමය චීන අක්ෂර මෙන්ම බොහො කාලයක සිට කොරියාවේ භාවිතා කරන ලදී. දිනය, මාසය, හා අවුරුද්ද (වර්ෂ) දැක්වීම සඳහාත්, දුරකථන අංක, මාර්ග අංක, බස් අංක වැනි අංක ප්‍රකාශ කිරීම සඳහාත්, නිවාස ගොඩනැගිලි වල මහල් තට්ටු හැඳින්වීමටත්, බර මනින විට කිලෝ ගෑරෑම් ගණන ප්‍රකාශ කිරීමටත්, වේලාව දක්වන විට මිනිත්තු ගණන ප්‍රකාශ කිරීම සඳහාත්, මුදල් ගණනය කිරීම සඳහාත් චීන සංඛ්‍යා සහ ඒකක ක්‍රමය භාවිත වේ. මෙම ඒකකයන් කොරියන් සංඛ්‍යා ක්‍රමයෙන් ප්‍රකාශ කිරීම වැරදීය.

සංඛාව 숫자 උච්චාරණය
01 ඉල්
02
03 සම්
04 සා
05
06 යුක්
07 චිල්
08 පල්
09 කු
10 සිප්

10 සිට 19 දක්වා “සිප්” (දහය) යන්නට යෙදෙයි, 10+1 십 + 일 (සන්ධි වේ)සිප් + ඉල් එය අනුව පහත ආකාරයට සිදු වෙයි

11 - 십일 - සිබිල් යනුවෙන් උච්චාරණය වේ. 
12 - 십이 - සිබි යනුවෙන් උච්චාරණය වේ . 
13- 십삼 - සිප් සම්
සංඛාව 숫자 උච්චාරණය
20 이십 ඊසිප්
30 삼십 සම්සිප්
40 사십 සාසිප්
50 오십 ඕසිප්
60 육십 යුක් සිප්
70 칠십 චිල් සිප්
80 팔십 ෆල්සිප්
90 구십 කුසිප්
100 පෙක්
1,000 චොන්
10,000 මාන්
100,000 십만 සිප්මාන්
1,000,000 백만 පෙක්මාන්
10,000,000 천만 චොන්මාන්
100,000,000 ඔක්
1,000,000,000 십억 සිබොක්

චීන ගණිත ක්‍රමය වෙලාවේ මිනිත්තු, දින, සති, මාස, වර්ෂ, තට්ටු නිවාසවල තට්ටු, මුදල්, ප්‍රශ්න අංක, මාර්ග අංක, දුරකථන අංක, වයස(ගෞරවාර්ථ ප්‍රකාශන) ආදිය ගණනය කිරීම සඳහා යොදා ගනී.

මිනිත්තු ප්‍රකාශ කිරීමේදී (분)

උදාහරණ 
오분 – (ඕ බුන්) - මිනිත්තු 5යි 
이십분 - (ඊසිප්පුන්) - මිනිත්තු 20යි 
사십오분 - (සාසිප් ඕබුන්) - මිනිත්තු 45යි

දින ගණනය කිරීම හෝ ප්‍රකාශ කිරීමේදී (일)

උදාහරණ 
십일 전에 - (සිබිල් ජොනේ) - දින 10කට පෙර 
 이십일일 - (ඊසිබිරිල්) - 21වැනි දින 
삼일 걸립니다 - (සමිල් කොල්ලිම්නිදා) - දින 3ක් ගතවෙනවා

සති ගණනය කිරීමේදී ㈜

උදාහරණ 
이주 전에 - (ඊජු ජොනේ) - සති 2කට පෙර 
일주 걸렸습니다 - (ඉල්ජු කොල්යොස්සම්නිදා) - සතියක් ගත වුණා

අවුරුද්දේ මාස 12 ප්‍රකාශ කිරීම(월) සහ මාස ගණන් කිරීමේදී (개월 )

උදාහරණ 
일월-(ඉර්වොල්) - ජනවාරි මාසය 
팔월-(පර්වොල්) - අගෝස්තු මාසය 
삼개월 배웠습니다 - (සම්ගෙවොල් පෙවොස්සම්නිදා) - මාස 3ක් ඉගෙන ගත්තා 
육개월 일했습니다 - (යුක්කෙවොල් ඉර්හේස්සම්නිදා) - මාස 6ක් වැඩ කරා

වර්ෂය ප්‍රකාශ කිරීම සහ වර්ෂ ගණනය කිරීමේදී (년)

උදාහරණ 
천구백팔십칠년 - (චොන්ගුබෙක්පල්සිප්චිල්න්යොන්) - 1987 වර්ෂය 
이천십팔년에 한국에 왔습니다 - (ඊචොන්සිප්පල්න්යොනේ හන්ගුගේ වස්සම්නිදා) - 2018 වර්ෂයේ කොරියාවට අවේ 
이년 일했습니다 - (ඊන්යොන් ඉර්හෙස්සම්නිදා) - වසර 2ක් වැඩ කළා 
이년 배웠습니다 - (ඊන්යෝන් පෙවොස්සම්නිදා) - වසරක් ඉගෙන ගත්තා

මහල් නිවාසවල තට්ටු ගණනය කිරීමේදී (층)

උදාහරණ  
오층에 있습니다 - (ඕඡංඒ ඉස්සම්නිදා) - 5වෙනි තට්ටුවේ ඉන්නවා 
십층이 있습니다 - (සිප්ඡංඉ ඉස්සම්නිදා) - තට්ටු 10ක් තියෙනවා

මුදල් ගණනය කිරීමේදී (원)

උදාහරණ  
사과가 천오백원 입니다 - (සග්වාගා චොන් ඕබෙග්වොන් ඉම්නිදා) – ඇපල් වොන් 1500යි 
휴대전화가 이십만원 입니다 - (හියුදෙජොන්හ්වාගා ඊසිප්මාන්වොන් ඉම්නිදා) - ජංගම දුරකථනය වොන් 200000යි

මාර්ග අංක , බස් අංක , ප්‍රශ්න අංක , දුරකථන අංක ගණනය කිරීමේදී (번)

උදාහරණ  
이번 도로-(ඊබොන්දොරෝ) - 2වෙනි මාර්ගය 
백구번 버스를 타십시오 - (පෙක්කුබොන් බෝසරල් තසිප්සිඕ) - අංක 109 වෙනි බසයට නගින්න 
십오번 문제를 읽으십시오-(සිබෝබොන් මුන්ජේරල් ඉල්ගසිප්සිඕ ) - 15වෙනි ප්‍රශ්න අංකය කියවන්න 
제 전화 번호는 공일공에 이삼사에 일이삼사번 입니다 - ( ජේ ජොන්හ්වා පොන්හෝනන් කොං ඉල් කොංඒ ඊ සම් සාඒ ඉල්ඊසම්සා බොන් ඉම්නිදා ) - මගේ දුරකථන අංකය 010 – 234 -1234 වේ.

වයස ප්‍රකාශ කිරීමේදී (ගෞරවාර්ථ ප්‍රකාශන) (세)

උදාහරණ  
제 아버지 연세가 오십삼세 입니다.- (චේ අබොජි යොන්සේගා ඕසිප්සම්සේ ඉම්නිදා)- මගේ තාත්තාගේ වයස අවු. 53කි. 
우리 어머니 연세는 사십팔세 입니다.- (උරි ඔමොනි යොන්සේනන් සාසිප් පල්සේ ඉම්නිදා)- අපේ අම්මාගේ වයස අවු. 48 කි.

කොරියන් සංඛ්‍යා සහ ඒකක

සියළුම ද්‍රව්‍ය, පුද්ගලයන්, සතුන්, වයස(සාමාන්‍ය ප්‍රකාශන), පැය ගණන් ගණනය කිරීමේ දී කොරියානු ගණිත ක්‍රමය භාවිතා වේ.

සංඛාව 숫자 උච්චාරණය
0 공/영 කොං/යොං
1 하나 හනා
2 තුල්
3 සෙත්
4 නෙත්
5 다섯 තසොත්
6 여섯 යොසොත්
7 일곱 ඉල්ගොප්
8 여덟 යොදොල්
9 아홉 අහොප්
10 යොල්
11 열하나 යොල්හනා
20 스물/스무 සමුල්
30 서른 සොරන්
40 마흔 මාහන්
50 ‌සවොන්
60 여섯 යොසොත්
70 일흔 ඉල්හන්
80 여든 යොදන්
90 아흔 ආහන්
100 පෙක්

මෙම සංඛ්‍යාවන් භාවිත වීමේදී 1 සිට 4 දක්වා සංඛ්‍යා පමණක් වක්‍ය සමඟ පහත ආකාරයෙන් භාවිත කරයි. අනෙක් සංඛ්‍යා දී ඇති පරිදිම භාවිත වේ.

සංඛාව 숫자 උච්චාරණය භාවිතා වන ආකාරය උච්චාරණය
1 하나 හනා හන්
2 තුල් තු
3 සෙත් සේ
4 නෙත් නේ

මෙම සංඛ්‍යා ක්‍රමය මිනිසුන්, සතුන්, හා භාණ්ඩ ගණන් කිරීමේ දී, වයස ප්‍රකශ කිරීමේදීත්, වේලාව දක්වන විට පැය ගණන ප්‍රකාශ කිරීම සඳහාත් භාවිත වේ. ඒ ඒ අවස්ථාවේ යෙදෙන වචන පහත වගුවේ දැක්වේ.

සිංහල කොරියන් එකකය (Counter)
වයස 나이
වෙලාව 시간
කාලය 시간 시간 (පැය)
මිනිසුන් 사람 명 / 분
සතුන් 동물 마리
යන්ත්‍ර 기게
කඩදාසි 종이
කෝප්ප
බෝතල්
පෑන්/පැන්සල් 볼펜/연필 자루
සපත්තු 구두 켤레
ඇදුම්
ගස් 나무 그루
පැකට් 담배
දීසි 그릇
ගෙවල්
මල්/මිදී /කෙසෙල් 꽃 / 포도 / 바나나 송이
බෝට්ටු
ගොඩනැගිලි 건물
දේවල් 사물
පොත්
මෙවැනි ගැටළු නිරාකරණය කර පහසුවෙන් ම ලකුණු ලබාගත හැකිය. 

අපි දැන් පොඩි සමීකරණයකට අවධානය යොමු කරමු. 
[[නාම පදය + ඉලක්කම + ඒකකය + ක්‍රීයාපදය]] 
උදාහරණ ලෙස:- 
ඔබ සිතන්න ඔබට මහල් ගොඩනැගිලි 6ක් සහිත පින්තූරයක් ලැබී ඇත. එය පහත සමීකරණට අනුව ගොඩනගමු . 
[[නාමපදය + ඉලක්කම + ඒකකය + ක්‍රීයාපදය]] 
 아바트가 + 여섯 + 동 + 있습니다 
아바트가 여섯 동 있습니다 

මිනිසුන් දෙදෙනෙකු යනවා 
[[නාමපදය + ඉලක්කම + ඒකකය + ක්‍රීයාපදය]] 
사람이 +두 + 명 + 갑니다 
사람이 두 명 갑니다 

වතුර වීදුරුවක් දෙන්න. 
[[නාමපදය + ඉලක්කම + ඒකකය + ක්‍රීයාපදය]] 
물 + 한 + 잔 + 주세요.
물 한잔 주세요. 

මෙය පාඩම් කිරීම ඉතා වැදගත් වේ. විභාගයට ඉලක්ක පාඩමකි.

About the author

Yøhan RM
Every morning we are born again. What we do today is what matters most.

Post a Comment