
කොරියන් හොඬිය. හන්ගල් (한글) යනුවෙන් හඳුන්වන අතර, හන්ගල් 40 ක් තිබේ. ඒ මූලික ස්වර (모음 - මෝඅම්) 10 ක් හා මූලික ව්‍යංජන (자음 - ජාඅම්) 14 ක් වශයෙනි. මූලික ස්වර 10 ට අමතරව ස්වර දෙකක් සම්බන්ධ වී සෑදෙන සංයුක්ත ස්වර 11 කුත් ව්‍යංජන දෙකක් එකතු වී සෑදෙන සංයුක්ත ව්‍යංජන 5 කුත් තිබේ. එමෙන්ම මූලික කොරියන් අක්ෂර භාවිත කරමින් කොරියන් භාෂාවේ අකුරු (글자 - කල්ච) 11,172 නිර්මාණය කිරීමට හැකියාව තිබේ. කොරියන් අකුරු ලිවීමේදී ඉහළ සිට පහළටත් වමේ සිට දකුණු පැත්තටත් ලිවීම නිවැරදි ක්‍රමයයි.
모음 1(මෝඅම් 1) මූලික ස්වර
කොරියන් භාෂාවේ ස්වරයක් තනිව උච්චාරණය කළ නොහැකිය. ස්වරවල ආවේණික හඬ උච්චාරණය කිරීමේ දී ස්වරය සමඟ '0' (අං) යන ව්‍යංජනය සම්බන්ධ වී උච්චාරණය වේ.
Vowel | Pronunciation |
---|---|
ㅏ (a) | “අ” |
ㅑ (ya) | “යා” |
ㅓ (eo) | “ඔ” |
ㅕ (yeo) | “යො” |
ㅗ (o) | “ඔ” |
ㅛ (yo) | “යො” |
ㅜ (u) | “උ” |
ㅠ (yu) | “යු” |
ㅡ (eu) | “අ/උ” |
ㅣ (i) | “ඉ” |
Worksheet
මෙය ඔබට මුද්‍රණය කළ හැකි PDF වැඩ පත්‍රිකාවකි. කරුණාකර ගොනුව බාගත කර මුද්‍රණය කර ඔබ පුහුණු වන්න. ඔබ ලියන අතරතුර සෑම අකුරක්ම ශබ්ද නඟා කියවීමට අමතක නොකරන්න!
සංයුක්ත ස්වර (Compound vowels)
මෙම මුල් ස්වර වලට අමතරව, සංයුක්ත ස්වර 11 පවතී. මෙය මූලික ස්වර 2ක් එකට සම්බන්ධ කරමින් නිර්මාණය වේ:
Vowel | Pronunciation |
---|---|
ㅐ (ae) | “එ” |
ㅒ (yae) | “යෙ” |
ㅔ (e) | “ඒ” |
ㅖ (ye) | “යේ” |
ㅘ (wa) | “වා” |
ㅙ (wae) | “වේ” |
ㅚ (oe) | “වෙ” |
ㅝ (wo) | “වො” |
ㅞ (we) | “වෙ” |
ㅟ (wi) | “වී” |
ㅢ (ui) | “අඉ” |