කොරියානු භාෂා ව්‍යාකරණ 입니다/입니까

කොරියානු භාෂාවේ 입니다 සහ 입니까 යනු ඉතා සුලභව භාවිතා වන විධිමත් අවසාන පද (formal sentence endings) දෙකකි. ඒවා සිංහල භාෂාවේ "වේ" සහ "වේද?" යන අර්ථයට සමාන වේ
EPS_Topik_Textbook

කොරියානු භාෂාවේ 입니다 සහ 입니까 යනු ඉතා සුලභව භාවිතා වන විධිමත් අවසාන පද (formal sentence endings) දෙකකි. ඒවා සිංහල භාෂාවේ "වේ" සහ "වේද?" යන අර්ථයට සමාන වේ. මේවා සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ යම්කිසි දෙයක් හඳුන්වා දීමට, තොරතුරු ලබා දීමට හෝ ප්‍රශ්න ඇසීමටයි.

නාම පදය + 입니다

නාම පදය සහ 입니다 අතර හිස් තැනක් නොමැත 입니다 යන්න ‘ඉම්නිදා’ ලෙස උච්චාරණය කරනු ලබයි 입니다 හි සිංහල අර්ථය වෙමි, වෙමු, වෙති හෝ වෙයි යන අර්ථ ගනි තමන්ගේ නම, ජාතිය, රැකියාව, වයස හෝ ඔනිම නාම පදයක් භාවිතා කරයි.

  1. ශිෂ්‍යයෙක් වෙයි - 학생입니다
  2. බෑගයක් වෙයි - 가방입니다
  3. කාර්යාලයක් වෙයි - 사무실입니다
  4. රේඩියෝවක් වෙයි - 라디오입니다
  5. මම මින්සු වෙමි - 저는 민수입니다

නාම පදය + 입니까

යම් කෙනෙක් හෝ යම් දෙයක් ගැන ප්‍රශ්න කරන විට අදාළ නාම පදය සමඟ 입니까 යන්න යෙදේ. කථා කරන පුද්ගලයාගේ ඉරියව් සහ කථා කරන ස්වරූපය අනුව ප්‍රශ්නයක් බව අඟවයි.

  1. ආච්චි ද? - 할머니입니까
  2. යහළුවා ද? - 친구입니까
  3. පොත් මේසය ද? - 책상입니까
  4. උමං දුම්රිය ද? - 지하철입니까
  5. සමාගම් සේවකයෙක්ද? - 회사원입니까?

Download PDF

입니다_입니까_Grammar.pdf 7.3MB

About the author

Admin
Hi, I am YR Maduranga and my motive is to give you the best guide over your Query☺️

Post a Comment