කොරියානු හෝඩිය - ව්‍යංජන - 자음 Korean Alphabet - Consonants

ව්‍යංජනයක් තනිව උච්චාරණය කළ නොහැකිය. සෑම විටම ස්වරයක් සමඟ සම්බන්ද වී උච්චාරණය කරයි. පහත දැක්වෙන වගුවේ 아 (ආ) යන ස්වරය සමඟ සම්බන්ධ වී උච්චාරණය වන ආකාරය
මූලික ව්‍යංජන-1

කොරියන් හොඬිය. හන්ගල් (한글) යනුවෙන් හඳුන්වන අතර, හන්ගල් 40 ක් තිබේ. ඒ මූලික ස්වර (모음 - මෝඅම්) 10 ක් හා මූලික ව්‍යංජන (자음 - ජාඅම්) 14 ක් වශයෙනි. මූලික ස්වර 10 ට අමතරව ස්වර දෙකක් සම්බන්ධ වී සෑදෙන සංයුක්ත ස්වර 11 කුත් ව්‍යංජන දෙකක් එකතු වී සෑදෙන සංයුක්ත ව්‍යංජන 5 කුත් තිබේ. එමෙන්ම මූලික කොරියන් අක්ෂර භාවිත කරමින් කොරියන් භාෂාවේ අකුරු (글자 - කල්ච) 11,172 නිර්මාණය කිරීමට හැකියාව තිබේ. කොරියන් අකුරු ලිවීමේදී ඉහළ සිට පහළටත් වමේ සිට දකුණු පැත්තටත් ලිවීම නිවැරදි ක්‍රමයයි.

මූලික ව්‍යංජන - 자음 1

ව්‍යංජනයක් තනිව උච්චාරණය කළ නොහැකිය. සෑම විටම ස්වරයක් සමඟ සම්බන්ද වී උච්චාරණය කරයි. පහතදැක්වෙන වගුවේ 아 (ආ) යන ස්වරය සමඟ සම්බන්ධ වී උච්චාරණය වන ආකාරය දැක්වේ.

Vowel Pronunciation
ㄱ (k/g) “ක/ග”
ㄴ (n) “න”
ㄷ (t/d) “ත/ද”
ㄹ (l/r) “ර/ල”
ㅁ (m) “ම”
ㅂ (p/b) “ප/බ”
ㅅ (s) “ස”
ㅇ (ng) “න්ග්”
ㅈ (ts/ds) “ච/ජ”‍
ㅊ (ch) “ඡ”
ㅋ (kh) “ඛ”
ㅌ (th) “ථ”
ㅍ (ph) “ඵ”
ㅎ (h) “හ”
අභ්‍යාසය මූලික ව්‍යංජන හොඳට හුරු වන තුරු ශබ්ද නගා කියවන්න.

Worksheet

මෙය ඔබට මුද්‍රණය කළ හැකි PDF වැඩ පත්‍රිකාවකි. කරුණාකර ගොනුව බාගත කර මුද්‍රණය කර ඔබ පුහුණු වන්න. ඔබ ලියන අතරතුර සෑම අකුරක්ම ශබ්ද නඟා කියවීමට අමතක නොකරන්න!

Korean-Basic-Consonant.pdf 51 KB

සංයුක්ත ව්‍යංජන - 자음 2

කොරියන් භාෂාවේ ව්‍යංජන දෙකක් එකට එක් වී තනි අකුරක් ලෙස භාවිත වේ. මෙවැනි ව්‍යංජන 05 ක් කොරියන් භාෂාවේ තිබේ.

Vowel Pronunciation
ㄲ (kk) “ක්ක්”
ㄸ (tt) “ත්ත්”
ㅃ (pp) “ප්ප්”
ㅆ (ss) “ස්ස්”
ㅉ (chch) “ජ්ජ්”
අභ්‍යාසය සංයුක්ත ව්‍යංජන හොඳට හුරු වන තුරු ශබ්ද නගා කියවන්න.

About the author

Admin
Happiness comes when your work and words are of benefit to others.

Post a Comment