
කොරියන් භාෂාවේ අංක සහ ගණනය කිරීම් වලදී ඒකක ප්‍රකාශ කිරීම සඳහා සංඛ්‍යා ක්‍රම දෙකක් භාවිතා කරයි.
- චීන සංඛ්‍යා සහ ඒකක
- කොරියන් සංඛ්‍යා සහ ඒකක
මෙම සංඛ්‍යා ක්‍රම දෙකම දැනට භාවිතා වන අතර, එක් වත් අවස්ථාව අනුව භාවිතා කරන සංඛ්‍යා ක්‍රමය වෙනස් වේ. එබැවින්, අංක සහ ගණනය කිරීමේ මිනුම් ඒකකය අනුව භාවිතා කරන සංඛ්‍යා ක්‍රමය කුමක්ද යන්න පිළිබඳව හොද අවබෝදයක් තිබීම වැදගත්ය.
චීන සංඛ්‍යා සහ ඒකක ක්‍රමය
චීන සංඛ්‍යා සහ ඒකක ක්‍රමය චීන අක්ෂර මෙන්ම බොහො කාලයක සිට කොරියාවේ භාවිතා කරන ලදී. දිනය, මාසය, හා අවුරුද්ද (වර්ෂ) දැක්වීම සඳහාත්, දුරකථන අංක, මාර්ග අංක, බස් අංක වැනි අංක ප්‍රකාශ කිරීම සඳහාත්, නිවාස ගොඩනැගිලි වල මහල් තට්ටු හැඳින්වීමටත්, බර මනින විට කිලෝ ගෑරෑම් ගණන ප්‍රකාශ කිරීමටත්, වේලාව දක්වන විට මිනිත්තු ගණන ප්‍රකාශ කිරීම සඳහාත්, මුදල් ගණනය කිරීම සඳහාත් චීන සංඛ්‍යා සහ ඒකක ක්‍රමය භාවිත වේ. මෙම ඒකකයන් කොරියන් සංඛ්‍යා ක්‍රමයෙන් ප්‍රකාශ කිරීම වැරදීය.
සංඛාව | 숫자 | උච්චාරණය |
---|---|---|
01 | 일 | ඉල් |
02 | 이 | ඉ |
03 | 삼 | සම් |
04 | 사 | සා |
05 | 오 | ඕ |
06 | 육 | යුක් |
07 | 칠 | චිල් |
08 | 팔 | පල් |
09 | 구 | කු |
10 | 십 | සිප් |
10 සිට 19 දක්වා “සිප්” (දහය) යන්නට යෙදෙයි, 10+1 십 + 일 (සන්ධි වේ)සිප් + ඉල් එය අනුව පහත ආකාරයට සිදු වෙයි
11 - 십일 - සිබිල් යනුවෙන් උච්චාරණය වේ.සංඛාව | 숫자 | උච්චාරණය |
---|---|---|
20 | 이십 | ඊසිප් |
30 | 삼십 | සම්සිප් |
40 | 사십 | සාසිප් |
50 | 오십 | ඕසිප් |
60 | 육십 | යුක් සිප් |
70 | 칠십 | චිල් සිප් |
80 | 팔십 | ෆල්සිප් |
90 | 구십 | කුසිප් |
100 | 백 | පෙක් |
1,000 | 천 | චොන් |
10,000 | 만 | මාන් |
100,000 | 십만 | සිප්මාන් |
1,000,000 | 백만 | පෙක්මාන් |
10,000,000 | 천만 | චොන්මාන් |
100,000,000 | 억 | ඔක් |
1,000,000,000 | 십억 | සිබොක් |
චීන ගණිත ක්‍රමය වෙලාවේ මිනිත්තු, දින, සති, මාස, වර්ෂ, තට්ටු නිවාසවල තට්ටු, මුදල්, ප්‍රශ්න අංක, මාර්ග අංක, දුරකථන අංක, වයස(ගෞරවාර්ථ ප්‍රකාශන) ආදිය ගණනය කිරීම සඳහා යොදා ගනී.
මිනිත්තු ප්‍රකාශ කිරීමේදී (분)
උදාහරණදින ගණනය කිරීම හෝ ප්‍රකාශ කිරීමේදී (일)
උදාහරණසති ගණනය කිරීමේදී ㈜
උදාහරණඅවුරුද්දේ මාස 12 ප්‍රකාශ කිරීම(월) සහ මාස ගණන් කිරීමේදී (개월 )
උදාහරණවර්ෂය ප්‍රකාශ කිරීම සහ වර්ෂ ගණනය කිරීමේදී (년)
උදාහරණමහල් නිවාසවල තට්ටු ගණනය කිරීමේදී (층)
උදාහරණමුදල් ගණනය කිරීමේදී (원)
උදාහරණමාර්ග අංක , බස් අංක , ප්‍රශ්න අංක , දුරකථන අංක ගණනය කිරීමේදී (번)
උදාහරණවයස ප්‍රකාශ කිරීමේදී (ගෞරවාර්ථ ප්‍රකාශන) (세)
උදාහරණකොරියන් සංඛ්‍යා සහ ඒකක
සියළුම ද්‍රව්‍ය, පුද්ගලයන්, සතුන්, වයස(සාමාන්‍ය ප්‍රකාශන), පැය ගණන් ගණනය කිරීමේ දී කොරියානු ගණිත ක්‍රමය භාවිතා වේ.
සංඛාව | 숫자 | උච්චාරණය |
---|---|---|
0 | 공/영 | කොං/යොං |
1 | 하나 | හනා |
2 | 둘 | තුල් |
3 | 셋 | සෙත් |
4 | 넷 | නෙත් |
5 | 다섯 | තසොත් |
6 | 여섯 | යොසොත් |
7 | 일곱 | ඉල්ගොප් |
8 | 여덟 | යොදොල් |
9 | 아홉 | අහොප් |
10 | 열 | යොල් |
11 | 열하나 | යොල්හනා |
20 | 스물/스무 | සමුල් |
30 | 서른 | සොරන් |
40 | 마흔 | මාහන් |
50 | 쉰 | සවොන් |
60 | 여섯 | යොසොත් |
70 | 일흔 | ඉල්හන් |
80 | 여든 | යොදන් |
90 | 아흔 | ආහන් |
100 | 백 | පෙක් |
මෙම සංඛ්‍යාවන් භාවිත වීමේදී 1 සිට 4 දක්වා සංඛ්‍යා පමණක් වක්‍ය සමඟ පහත ආකාරයෙන් භාවිත කරයි. අනෙක් සංඛ්‍යා දී ඇති පරිදිම භාවිත වේ.
සංඛාව | 숫자 | උච්චාරණය | භාවිතා වන ආකාරය | උච්චාරණය |
---|---|---|---|---|
1 | 하나 | හනා | 한 | හන් |
2 | 둘 | තුල් | 두 | තු |
3 | 셋 | සෙත් | 세 | සේ |
4 | 넷 | නෙත් | 네 | නේ |
මෙම සංඛ්‍යා ක්‍රමය මිනිසුන්, සතුන්, හා භාණ්ඩ ගණන් කිරීමේ දී, වයස ප්‍රකශ කිරීමේදීත්, වේලාව දක්වන විට පැය ගණන ප්‍රකාශ කිරීම සඳහාත් භාවිත වේ. ඒ ඒ අවස්ථාවේ යෙදෙන වචන පහත වගුවේ දැක්වේ.
සිංහල | කොරියන් | එකකය (Counter) |
---|---|---|
වයස | 나이 | 살 |
වෙලාව | 시간 | 시 |
කාලය | 시간 | 시간 (පැය) |
මිනිසුන් | 사람 | 명 / 분 |
සතුන් | 동물 | 마리 |
යන්ත්‍ර | 기게 | 대 |
කඩදාසි | 종이 | 장 |
කෝප්ප | 잔 | 잔 |
බෝතල් | 병 | 병 |
පෑන්/පැන්සල් | 볼펜/연필 | 자루 |
සපත්තු | 구두 | 켤레 |
ඇදුම් | 옷 | 벌 |
ගස් | 나무 | 그루 |
පැකට් | 담배 | 갑 |
දීසි | 밥 | 그릇 |
ගෙවල් | 집 | 채 |
මල්/මිදී /කෙසෙල් | 꽃 / 포도 / 바나나 | 송이 |
බෝට්ටු | 배 | 척 |
ගොඩනැගිලි | 건물 | 동 |
දේවල් | 사물 | 개 |
පොත් | 책 | 권 |
මෙය පාඩම් කිරීම ඉතා වැදගත් වේ. විභාගයට ඉලක්ක පාඩමකි.