කොරියන් හොඬිය. හන්ගල් (한글) යනුවෙන් හඳුන්වන අතර, හන්ගල් 40 ක් තිබේ. ඒ මූලික ස්වර (모음 - මෝඅම්) 10 ක් හා මූලික ව්‍යංජන (자음 - ජාඅම්) 14 ක් වශයෙනි. මූලික ස්වර 10 ට අමතරව ස්වර දෙකක් සම්බන්ධ වී සෑදෙන සංයුක්ත ස්වර 11 කුත් ව්‍යංජන දෙකක් එකතු වී සෑදෙන සංයුක්ත ව්‍යංජන 5 කුත් තිබේ. එමෙන්ම මූලික කොරියන් අක්ෂර භාවිත කරමින් කොරියන් භාෂාවේ අකුරු (글자 - කල්ච) 11,172 නිර්මාණය කිරීමට හැකියාව තිබේ. කොරියන් අකුරු ලිවීමේදී ඉහළ සිට පහළටත් වමේ සිට දකුණු පැත්තටත් ලිවීම නිවැරදි ක්‍රමයයි.
මූලික ව්‍යංජන - 자음 1
ව්‍යංජනයක් තනිව උච්චාරණය කළ නොහැකිය. සෑම විටම ස්වරයක් සමඟ සම්බන්ද වී උච්චාරණය කරයි. පහතදැක්වෙන වගුවේ 아 (ආ) යන ස්වරය සමඟ සම්බන්ධ වී උච්චාරණය වන ආකාරය දැක්වේ.
| Vowel | Pronunciation |
|---|---|
| ㄱ (k/g) | “ක/ග” |
| ㄴ (n) | “න” |
| ㄷ (t/d) | “ත/ද” |
| ㄹ (l/r) | “ර/ල” |
| ㅁ (m) | “ම” |
| ㅂ (p/b) | “ප/බ” |
| ㅅ (s) | “ස” |
| ㅇ (ng) | “න්ග්” |
| ㅈ (ts/ds) | “ච/ජ” |
| ㅊ (ch) | “ඡ” |
| ㅋ (kh) | “ඛ” |
| ㅌ (th) | “ථ” |
| ㅍ (ph) | “ඵ” |
| ㅎ (h) | “හ” |
Worksheet
මෙය ඔබට මුද්‍රණය කළ හැකි PDF වැඩ පත්‍රිකාවකි. කරුණාකර ගොනුව බාගත කර මුද්‍රණය කර ඔබ පුහුණු වන්න. ඔබ ලියන අතරතුර සෑම අකුරක්ම ශබ්ද නඟා කියවීමට අමතක නොකරන්න!
සංයුක්ත ව්‍යංජන - 자음 2
කොරියන් භාෂාවේ ව්‍යංජන දෙකක් එකට එක් වී තනි අකුරක් ලෙස භාවිත වේ. මෙවැනි ව්‍යංජන 05 ක් කොරියන් භාෂාවේ තිබේ.
| Vowel | Pronunciation |
|---|---|
| ㄲ (kk) | “ක්ක්” |
| ㄸ (tt) | “ත්ත්” |
| ㅃ (pp) | “ප්ප්” |
| ㅆ (ss) | “ස්ස්” |
| ㅉ (chch) | “ජ්ජ්” |